කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලාංකිකයින් සහ විදේශීය සංචාරකයින්ට විශේෂ දැනුම්දීමක්
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් සඳහා විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඒ අනුව, තම දරුවාට ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණින් සංචාරක වීසා මත එක්සත් ජනපදයට ගමන් කරන පුද්ගලයින්ට ඉදිරියේදී වීසා ප්‍රතික්ෂේප කරන බව තානාපති කාර්යාලය දන්වා ඇත.
මෙවැනි සංචාරකයින් බොහෝ විට එක්සත් ජනපද රජයේ අරමුදල් සහිත වෛද්‍ය ආධාර මත යැපෙන බවත්, එමඟින් එක්සත් ජනපද බදු ගෙවන්නන් මත අනවශ්‍ය මූල්‍යමය බරක් පැටවෙන බවත් තානාපති කාර්යාලය පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන්, අයදුම්කරුවෙකුගේ මූලික අරමුණ දරු ප්‍රසූතිය හරහා එක්සත් ජනපද පුරවැසිභාවයේ ප්‍රතිලාභ ලබා ගැනීම බවට කොන්සියුලර් නිලධාරීන් විශ්වාස කරන්නේ නම්, එවැනි අයදුම්කරුවන්ට සංචාරක වීසා ප්‍රතික්ෂේප කිරීමට උපදෙස් දී ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.