පොළොන්නරුවට ටොනේඩෝවක්.? - අරලගංවිල පාලමක් ගිලා බැසීමෙන් අම්පාර මාර්ගයේ ගමනාගමනය නවතයි.

Polonnaruwa Weather Floods In Sri Lanka
By Wayomi Nov 26, 2024 06:38 AM GMT
Wayomi

Wayomi

Report

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද (26) උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.

ඒ අනුව අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අරලගංවිල ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් කියා සිටියේ.

එක්වරම උසස් පෙළ විභාගය නවත්වයි. - යළි පැවැත්වීම ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි )

එක්වරම උසස් පෙළ විභාගය නවත්වයි. - යළි පැවැත්වීම ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි )

පොළොන්නරුව දිස්ත්‍රික්කයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත්, මහවැලි සී කලාපය ඇතුළු ඉහළ ප්‍රදේශවලට පවතින වර්ෂාවෙන් ගලා එන ජලයේ සැඩ පහරට මෙම පාලම කැඩි ගිලා බැස ගොස් ඇති.‍ඒ සඳහා විකල්ප මාර්ගය තිබුණද එම මාර්ගවලටද ගස් පෙරළී තිබීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වී ඇති බවද ස ඔහු සඳහන් කළා.

එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශය හරහා හමා ගිය ටොනඩෝ සුළඟින් නිවාස පහළොවකට පමණ හානි සිදුවී තිබෙනවා. 

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.


You may like this video



  


ReeCha