බස් වලියෙන් ඩිපෝ කළමනාකරු ඇතුළු පහක් රෝහලේ

Police spokesman Polonnaruwa Hospitals in Sri Lanka Srilanka Bus Sinhala news
By Hashini Jun 27, 2025 03:54 AM GMT
Hashini

Hashini

Report

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් සහ පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් අතර කදුරුවෙල බස් නැවතුම්පොළේ දී ඇතිවූ ගැටුමකින් පොළොන්නරුව ලංගම ඩිපෝවේ කලමණාකාරවරයා ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොළොන්නරුව පොලිසිය සඳහන් කළේ ගැටුම සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පහරදිම සිදුකර ඇත්තේ මාතර සිට පොළොන්නරුව බලා ධාවනය කෙරුණු ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට අතරමගදී මගීන් පටවා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින්.

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

එසේම අනුරාධපුර සිට පොලොන්නරුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සේවකයින් පිරිසක් කඳුරුවෙල බස් නැවතුම්පොළේදී එම ලංගම බස් රථයේ සේවකයින්ට පහරදි තිබෙනවා.

අනතුරුව ලංගම බස් රථ සේවකයින් පිරිසක් ද අදාළ පෞද්ගලික බස් රථයේ සේවකයින්ට පහරදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන්පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා. 

පෝට් සිටි කෘත්‍රිම වෙරළ මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

පෝට් සිටි කෘත්‍රිම වෙරළ මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

 

හැමෝම පුදුම කරමින් හනා කරපු දේ

හැමෝම පුදුම කරමින් හනා කරපු දේ

ReeCha