දිනපතා බිත්තර 4ක් කෑවොත් මොකද වෙන්නේ..ඔබට හිතාගන්නවත් බැරිවෙයි..?
පෘතුවියෙ තියන පෝෂදායීම කෑම ජාතිය මොකක්ද? උත්තරේ තමයි මවු කිරි. හැබැයි මේක කියවන කිසිම කෙනෙක්ට මවු කිරි බොන්න බැරි නිසා දෙවෙනියට පෝෂදායීම ආහාරය ගැන අද අපි බලමු. ඒ තමයි බිත්තර. බිත්තර කියන්නේ ලෝකය පුරා කොයි කවුරුත් ආහාරයට ගන්නා වගේම බොහෝ ආහාර සකස් කරන්න යොදා ගන්නා නැතුවම බැරි අමුද්‍රව්‍යයක්.ලොකු කුඩා කාටත් දෛනික පෝෂණ අවශ්‍යතාවයෙන් සැලකියයුතු ප්‍රමාණයක් බිත්තර ආහාරයට ගැනීමෙන් සපුරා ගත හැකියි.
පෝෂණය සපිරි බිත්තර
බිත්තර වලින් cholesterol වැඩි වෙනව කියන දශක ගානක් පරණ බොරැවට තවමත් විද්‍යාත්මකව සාක්ෂි හමුවී නැහැ .අපේ සිරුරේ සිදුවෙන හෝමෝන නිෂ්පාදන කාර්යයේ සිට සෛල බිත්ති සෑදීම දක්වා අති විශාල කාර්යයන් රැසකට cholesterol සිරුරට අවශ්‍ය වෙනවා .
එම නිසා අක්මාවෙන් ස්වාභාවිකවම cholesterol සෑදීම සිදු කරනවා . බිත්තර වලින් වැඩිපුර cholesterol එනකොට අක්මාවෙ හැදෙන cholesterol ප්‍රමාණය අඩු කරල නිෂ්පාදනය බැලන්ස් කරනවා .අනිත් දේ තමයි අනික බිත්තර වල තියන්නෙ HDL එහෙම නැත්තං good cholesterol. ඒ නිසා කිසිම හානියක් වෙන්නේත් නැහැ
බිත්තරේ සැගවුණු රහස
බිත්තර වලින් අපේ සිරුරට පටක නිපදවන්න දක්වන විශාලතම දායකත්වය එහෙම නැත්තං Greatest anabolic effect එක ලබාදෙන්නේ .ඒ කියන්නෙ අපි කන බොන ප්‍රෝටීන් දේවල් වලින් සිරුරේ පටක , මාංශ පේශි සෑදීමට වැඩියෙන්ම දායක ලබා දෙන්නේ බිත්තර .
01.සම්පූර්ණ බිත්තරය 48%
02.Beef, මාළු, chicken 32%
03.Soy protein. 17%
04.Egg whites 17%
05.Whey protein 16%
දැන් තේරෙනව නේද බිත්තරයක තියෙන වටිනාකම .ඇඟ හදාගන්න හිතාගෙන මස් මාළු කෑවම ඒකෙන් 32%යි අපිට ප්‍රයෝජනයට වෙන්නේ .ඉතුරැ 68%ම පරිභෝජනය වෙන්නේ ශක්තිය විදියට .නමුත් බිත්තර වල තියන ප්‍රෝටීන් වලින් 48% ක්ම සම්පුර්ණයෙන් මාංශ පේශි සැදීමට දායක වෙනවා .
තවත් පැහැදිලි කරොත් බිත්තර 4ක protein 24g තියනවා .එම ප්‍රමාණයෙන් 11.52g කෙලින්ම යන්නෙ body tissues හදන්න.මස් වලින් එන protein 24g කින් 7.68g විතරයි body tissues හදන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමයි දාස් ගණන් වියදම් කරලා ගන්න supplements (whey protein) වලින් එන protein 24g කින්ම 3.84g තමයි muscle එකක් හදන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
Bodybuilding වලටත් බිත්තර
ඉතින් මෙච්චර කල් මස් කකා supplements බිබී බිත්තර අමතක කරල ඇඟවල් හදන්න ගියානම් දැන් තේරැම් ගන්න අමතක කරපු බිත්තර වලට ඔබට කොච්චර ලොකු උදව්වක් කරන්න පුලුවන්ද කියලා. මේක ඉතින් ඇඟවල් හදන අයට විතරක් නෙමෙයි ඕනෙම වයසක ඉන්න කෙනෙක්ට body tissues හදාගන්න එක අතිශයින් වැදගත් දෙයක් .ඒකට භාවිතා කරන්න පුළුවන් හොදම දේ තමයි බිත්තර.
බිත්තර කන්න හොදම විදිය
බිත්තර හදාගනිද්දි තෙල් තොගයක් දාල හැදුවම ඇඟට උරාගන්න අමාරැයි. ඒ නිසා බිත්තර වල අඩංගු පෝෂපදාර්ථ ඇගට ලබා ගන්න නම් කන්න ඕනේ හොඳම විදිහ හැටියට ගැනෙන්නෙ soft boiled (නටන වතුරෙ විනාඩි හයාමාරක් තියල සීතල වතුරට දාල) ක්‍රමයට බිත්තර පිසීම . දැන් ඉතිං වෙන වැඩ සේරම නවත්තල බිත්තර කන්න පටන් ගන්නයි තියෙන්නේ .
හැබැයි බිත්තර කන්න ඕනේ විදිහ උඩ සදහන් කරලා තියනවා. ඒ විදිහට වතුර එකක් උතුරන්න තියලා වතුර උතුරන විට බිත්තරය දාලා හරියටම විනාඩි 5කින් වතුර හලන්න. ඊටපස්සේ කටු අයින් කරන්න කලින් සිතල වතුර එකකට දාන්න. අනිත් දේ තමයි බිත්තර කන්න හොදම විදිහ අලිගැටපේර සහ පොල් සම්බෝල.
සමස්ථයක් වශයෙන් ගත්තම 70% කට වඩා අයට බිත්තර කීයක් දවසට කෑවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියල හොයාගෙන තියනව. ඉතුරැ 30% අයිති වෙන type 2 diabetes සහ වෙනත් තත්ව එක්ක මේක සුළුවෙන් වෙනස් වෙන්න පුළුවන් .ඔබ දියවැඩියා රෝගියෙක් නම්, ඔබ ඔබේ ආහාරයට ගත යුතු බිත්තර ප්‍රමාණය පිළිබඳව ඔබගේ වෛදයවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.එසේම මුළු බිත්තරයම ආහාරයට නොගෙන බිත්තර සුදු මදය පමණක් ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන් සඳහා හොඳ විකල්පයක් විය හැකියි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
