දෙයියනේ එක දිගට බිහිසුණු ගුවන් ප්‍රහාර, හෙලිකොප්ටර් දෙකක හිටපු 29 ක් ජීවිතක්ෂයට 60ට වඩා තුවාල

Report

උතුරු කොලොම්බියාවේ ඇන්ටියෝකියා පළාතේදී පොලිස් හෙලිකොප්ටරයකට එල්ල වූ ප්‍රහාරයකින් නිලධාරීන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කොකේන් සෑදීමට භාවිතා කරන අමුද්‍රව්‍ය වන කොකා කොළ වගාවන් විනාශ කිරීමට මෙම හෙලිකොප්ටරය යොදවා තිබූ බවයි.

ඔයත් චෙක් පාවිච්චි කරනවද? මෙන්න විශේෂ නිවේදනයක්

ඔයත් චෙක් පාවිච්චි කරනවද? මෙන්න විශේෂ නිවේදනයක්

ඒ අනුව කොකා කොළ වගාවන් මතින් පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වූ බව ඇන්ටියෝකියා ආණ්ඩුකාර ඇන්ඩ්‍රෙස් ජූලියන් ප්‍රකාශ කර ඇත.

එසේම කොලොම්බියාවේ කැලි නගරයේ හමුදා කඳවුරක් අසල බෝම්බ ප්‍රහාරයක් සහ උතුරු කොලොම්බියාවේ ඇන්ටියෝකියා ප්‍රදේශයේ පොලිස් හෙලිකොප්ටරයකට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයක් නිසා පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මේ අතර දකුණු ඇමරිකානු රටේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කැලි නගරයේ නගරාධිපති කාර්යාලය මෝටර් රථ බෝම්බයක් හමුදා ගුවන් සේවා පාසලකට යාබද මාර්ගයක පුපුරා ගිය බවත්, එහිදී පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව දුසිම් ගණනක් තුවාල ලැබූ බවත් සඳහන් කළා.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

කෙසේ වෙතත් මෙම ප්‍රහාර දෙක සම්බන්ධයෙන්ම කොලොම්බියාවේ විප්ලවවාදී සන්නද්ධ හමුදාවන්ගේ (FARC) විවිධ බෙදුම්වාදී කණ්ඩායම් වෙත චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සහ ආරක්ෂක අමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් මෙම ප්‍රහාර හෙළා දැක තිබෙනවා. එහෙත් ජනාධිපති පෙට්‍රෝ ඩ්‍රෝන් ප්‍රහාරය "යුද ක්‍රියාවක්" වශයෙන් හැඳින්වූ අතර මියගිය නිලධාරීන් සඳහා ශෝකය පළකර ඇත.

ඩ්‍රේක් පැසේජ් හි ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක්ද?

ඩ්‍රේක් පැසේජ් හි ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක්ද?

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්