වැඩිහිටි නිවාසෙකින් කොවිඩ් පොකුරක්...සියල්ලටම කොරෝනා.
Corona
Piliyandala
Nursing home
By Aruna
රෝහල් තදබදය නිසා රෝගී වැඩිහිටියන්ට නිවාසයේම ප්‍රතිකාර පිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කරයි.
වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන් 20 සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ට මෙලෙස වෛරසය ආසාදනය වී තිබේ.
රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගී පුද්ගලයන් එම වැඩිහිටි නිවාසයේ ම රැඳවීමට කටයුතු කර තිබේ.
කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයතිලක මහතා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල,පිලියන්දල දිසා රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දනී සෝමරත්න මහත්ම මහත්මීන් ප්‍රමුඛ කණ්ඩායමක් එම වැඩිහිටි නිවාසයට ගොස් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සපයා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |