සිරිලිය සවියට ලක්ෂ 100ක් දුන් හැටි හෙළිවෙයි- ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති අධිකරණයට

By Kanchana Oct 07, 2026 12:12 PM GMT
Report

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ බව දැනුම් දී තිබේ ප්‍රදීප් කාරියවසම් මහතාව අද (07) පෙ.ව.9.50 ට පමණ කොළඹ 08, ලේඩ්‍රයිව්හි පිහිටි නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විර්මශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපතිවරයා ලෙසට බැංකුව සතුව පැවති රජයේ මුදල් නිසි ක්‍රමවේදයෙන් බැහැරව රු.10,000,000ක (රුපියල් මිලියන 10) මුදලක් සිරිලිය සවිය සංවිධානය වෙතලබා දීම තුළින් දූෂණය නැමැති වරද සිදු කීරීමේ චෝදනාව මත ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් මහතාව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.  

සුළු මොහොතකට පෙර සිරිලිය වෙනුවෙන් ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට - හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා

සුළු මොහොතකට පෙර සිරිලිය වෙනුවෙන් ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට - හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා