පවතින බලශක්ති අර්බුදය මැද ජාතික ජන බලවේගයේ මැයි රැළිය ගැන තීරණයක්
By Mithu
පවතින බලශක්ති ගැටලුව සහ ඉන්ධන සපයා ගැනීමේ අපහසුතා සැලකිල්ලට ගෙන, මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින රැළි කොළඹට සීමා නොකර දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
විශාල වාහන සංඛ්‍යාවක් කොළඹට ගෙන්වා ගැනීමෙන් සිදුවන බලශක්ති නාස්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා මැයි රැළි 21ක් සංවිධානය කර ඇති අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන රැලිය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර මැයි දින සැමරුම් සඳහා ඉතිහාසයේ නොවූ විරූ ජන සහභාගීත්වයක් අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.