නොවැම්බර් 01 වන දා සිට කරන්න යන දේ මෙන්න...විශේෂ පිරිසකට දැනුම් දීමක්..
Corona
Sri Lanka
Healthy
Covid vaccines
By Aruna
තුන්වැනි මාත්‍රාව ලබාදීම නොවැම්බර් පළමු වැනිදා සිට ආරම්භ කෙරුණ ද, මෙතෙක් එන්නත් ලබා නොගත් ඕනෑම අයෙකුට පළමු සහ දෙවන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
අද (25) අලුයම මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත් මාත්‍රා 305,370ක තොගය මේ වන විට කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත ගෙන ගොස් තිබෙනවා.
අද අලුයම එම එන්නත් තොගය රැගෙන එනු ලැබුවේ කටාර් ගුවන් සේවයට අයත් යානයකින්.
මේ අතර අද (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ තුන්වන මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරුණද දෙවන සහ පළමු මාත්‍රා තවදුරටත් හැකියාව පවතින බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ හැකි පළමු අවස්ථාවේදීම සුදුසුකම් සපුරා ඇත්නම් එන්නත් ලබාගැනීමට යොමුවන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |