ලොව පළමු වතාවට ලෝක කුසලාන තරඟාවලියකදි සිදුවූ අපූරු සිදුවීම - ඡායාරූප සහිතයි..(PHOTOS)

By Sewvandhi Aug 04, 2023 04:23 PM GMT
Report

කාන්තා ලෝක කුසලාන තරඟාවලියකදි හිජාබය පැලඳි පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට මොරොක්කෝ පාපන්දු කණ්ඩායමේ ක්‍රිඩිකාවක් සමත් වී තිබෙනවා.

එනම්, කාන්තා ලෝක කුසලාණ පාපන්දු තරඟාවලියේ දකුණු කොරියාව සහ මොරොක්කෝව සමඟ පැවති තරඟයේදී මෙම ක්‍රීඩිකාව හිජාබය පලඳා තිබෙනවා.

ඇය මොරොක්කෝ ක්‍රීඩිකා නූහයිලා බෙන්සිනා. දකුණු කොරියාව සමඟ පැවති තරඟයේදි ඇය සුදු හිජාබයක් පළඳමින් ක්‍රීඩා කිරීම ලෝකයේම කතා බහට ලක් වුනා.

2014න් පසු හිජාබය පැළඳීමට තිබූ තහනම ඉවත් කරන්නට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරනය කර තිබුනා. නමුත් ලෝක කුසලාණයක හිජාබය පැලඳ සිටිනවා දකින්නට ලැබුනේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්.

GalleryGalleryGallery