ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට නොතීසි - විමල් වීරවංශ ගෙත් නම ගෑවිලා.

Sri Lanka Police Wimal Weerawansa Sri Lanka Supreme Court of Sri Lanka
By Wayomi Nov 06, 2023 09:53 AM GMT
Wayomi

Wayomi

Report

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහායි.

කුරුඳුවත්ත පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂිකාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබන පෙබරවාරි මස 26 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.

මෙම සිද්ධියේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය නම් කර ඇත.

කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ, 2016 වසරේ එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කොට මාර්ග තදබදයක් ඇති කොට උද්ඝෝෂණයක නිරතවීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කරමින්.

ReeCha