රිය අනතුරු වන්දි මුදල තවත් ඉහළට..සියලු විස්තර මෙන්න..
හඳුනා නොගත් රිය අනතුරුවලින් මියයන පුද්ගලයින්ගේ යැපෙන්නන්ට හා බරපතල තුවාල ලබන වින්දිතයින්ට ගෙවන වන්දි මුදල රුපියල් 50,000 කින් වැඩි කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබාදුන් උපදෙස් මත මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මාර්ග අනතුරුවලට ලක් වූ වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයකදී මේ බව සඳහන් කෙරුණා.
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (01) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවති මෙම සැමරුම් උත්සවයේදී මාර්ග ආරක්ෂාව, රිය අනතුරු අවම කරගැනීම හා පදිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කටයුතු කළ ක්‍රියාකාරී පුද්ගලයින්ට සමරු සහ මුල්‍ය සහන ලබාදීම සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු 50%කින් අඩු කිරිම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව විසින් සකසන ලද ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීම ද මෙහිදී සිදු කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |