ගෑස් පිපිරීම් ගැන ප්‍රමිති ආයතනයෙන් විශේෂ නිවේදනයක්..!

SRI LANKA GAS EXPENSTION SIDDIKA G SENANAYAKE STARDERD INSTITUTION
By Sewvandhi Dec 01, 2021 11:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසීය. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර කිසිදු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට එම ආයතනයට බලයක් නොමැති බවද එහි සඳහන්ව තිබේ.

මේ අතර කපාට, රේගියුලේටර් සහ නම්‍යශීලී හෝස් සඳහා නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය කර ඇති අතර එහි අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ වගකීම බව ද එම නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.

එම නිවේදනය පහතින්.. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery