වාහන සීමා කෙරේ - පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Aug 16, 2023 02:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලීසිය විසින් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දිනයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

හෙට (17) සිට එළඹෙන 20 වනද දක්වා කාලසීමාවේදී රාත්‍රී 7.00 ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් එම පෙරහැර  ගමන් ආරම්භවී විථී සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව, හෙට සිට එළඹෙන 20 වනදා දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත මාර්ග වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට හා මහජනතාවට දැනුම්දෙයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,  

GalleryGallery
ReeCha