ඉන්ධන පෝලිම් වල සිටින්නන් සම්බන්ධයෙන් දැඩි පියවරක් - බලශක්ති ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 16, 2022 10:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට හඳුන්වා දුන් නව ක්‍රමවේදය අනුගමනය නොකරමින් පෝලිම්වල රැඳී සිටින පුද්ගලයන් ආරක්ෂක අංශ යොදවා ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින පුද්ගලයන් ද නව ක්‍රමවේදයට ලියාපදිංචි විය යුතුයි.

එසේ නොවුනහොත් ඔවුනට ඉන්ධන ලබා දීමක් සිදුවන්නේ නැති බවත් ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීමට කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha