ICCයෙන් දැඩි තීරණයක්..!

Report

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා,  ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳ දැනුවත් කිරීමට හෙට තරගයේදී සිය ක්‍රිකට් පිත්තේ සහ සපත්තුවේ ඔලිව් අත්තක් සහ පරෙවියෙක් ප්‍රදර්ශනය කිරීමට ICCයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

උස්මාන් කවාජා පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ද ගාසා වැසියන්ට සහාය පළකරමින් අතේ කළු පටියක් පැළඳ සිටි අතර පුහුණුවීම් අතරතුරදී ඔහු ඔහුගේ සපත්තුවල ''සියලු ජීවිත සමානයි. නිදහස මානව අයිතිවාසිකමක්" ලෙස ද සඳහන් කර තිබුණි.

ICCයෙන් දැඩි තීරණයක්..! | Notice From Icc About Usman Khawaja

මේ ක්‍රියාව සම්බන්ධයෙන් කවාජාට ICCය අවවාද කළ අතර ඔවුන් සඳහන් කළේ අනවසරයෙන් කළු පටියක් පැළඳීම, ICC ඇඳුම් සහ උපකරණ රෙගුලාසි කඩ කිරීමක් බවය.