උසස් පෙළ විභාගය ගැන අපේක්ෂකයින්ට දැනුම්දීමක්..!

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Weather Sri Lankan Schools Latest Headlines
By Sewvandhi Dec 03, 2024 06:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, සැලසුම් කළ පරිදි හෙට (04) දිනයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර ආරම්භ කෙරෙන බවයි.

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට අද (03) දිනය දක්වා දින 06ක කාලයක් උසස් පෙළ විභාගය නොපැවැත්වුණි.

කෙසේවෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, විභාග කාලසටහනේ සඳහන් පරිදි හෙට දිනයේ සිට විභාග කටයුතු සිදුකෙරෙන බවයි.

එමෙන්ම ඒ මහතා පැවසුවේ තවදුරටත් ප්‍රවාහනය සහ මාර්ගවල යම් ගැටලුසහගත තත්ත්වයන් තිබේ නම් එම සියලුම ගැටලු සම්පූරණයෙන්ම විසඳීමට කටයුතු කරන බවය. ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා වැඩදුරටත් පැවසීය.

"හෙට සිට එනම් දෙසැම්බර් 4 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා විභාගය පැවැත්වෙන්නේ කලින් සැලසුම් කළ කාලසටහන අනුවමයි. ඒ අනුව අපේක්ෂකයින්ට අපි ප්‍රවේශපත්‍රය සමග ලබාදුන් කාලසටහනේ තිබෙන ඒ දින වකවානුවලට තමයි දෙසැම්බර් 20 දක්වා විභාගය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපේක්ෂකයින්ට කිසිදු ගැටළුසහගත තත්ත්වයක් ඇති වීමට හේතුවක් වෙන්නේ නෑ. විභාග නොපැවත්වූ ඒ දිනවල විභාගය දෙසැම්බර් 21 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කරනවා. 21,23,27,28,30 සහ 31 යන දිනවල නොපැවැත්වූ විභාගය පැවැත්වෙනවා."

"තවදුරටත් යම්කිසි විදියකට මේ ඇතිවූ තත්ත්වය අනුව මාර්ගවල යම්කිසි ගැටලුසහගත තත්ත්ව තිබේ නම් අපහසුතා තිබේ නම් මම අපේක්ෂකයින්ට අවස්ථාව ලබා දුන්නා තමන්ගේ මධ්‍යස්ථානයට යාමට නොහැකි අවස්ථාවලදී වෙනත් මධ්‍යස්ථානයකදී විභාගයට වාඩි වීම සඳහා කටයුතු කරන ලෙසට. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශීය බලධාරීන් මෙන්ම ශාලාධිපතිවරුන් දැනුවත් කරලා තියෙනවා. ඒ අනුව මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ විභාගට මුහුණ දෙන්න. ඔබට තිබෙන ගැටලු අපි සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කරනවා."

...............................

You May like This Video 👇


ReeCha