උතුරු කොරියාව යකඩ මාරයා එළියට දායි
By Ashfa
උතුරු කොරියාව තම කම්කරු පක්ෂයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා ප්යොංයැං අගනුවර දැවැන්ත හමුදා පෙළපාලියක් පැවැත්වීය.
එහිදී ප්‍රථම වරට 'හ්වාසොං-20' නමින් නව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළේය. මෙම මිසයිලය න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි අතර කිලෝමීටර 15,000 ක පමණ පරාසයක් ඇත.
නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ලොස් ඇන්ජලීස් ඇතුළු එක්සත් ජනපදයේ ප්‍රධාන නගරවලට පහර දී ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි බව වාර්තා වේ.
දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ඒකාබද්ධ අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව මෙය සිදු කර ඇත්තේ තම හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක් ලෙස ය.
මෙම තත්ත්වය තුළ, උතුරු කොරියාව හඳුන්වා දුන් නව ආයුධය ලෝකයේ ආරක්ෂක ගැටළු තවදුරටත් වැඩි කර ඇති බව ජාත්‍යන්තර ආරංචි මාර්ග පවසයි.