සේවකයින් පිරිසක් එකවරම තීරණයක් අරගෙන - හෙට කුමක් වෙයි ද?.
අද (12) දහවල් සිට මෙරට සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල හදිසියේම සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.
ඒ වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් වර්ධක ලබා දෙන බවට පොරොන්දු දුන්න ද වැටුප් වර්ධක ලබාදීම දිනෙන් දින කල් මැරීම පිළිබඳව විරෝධය පා මෙම හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹ තිබෙනවා.
ඒ බව අන්තර් විශ්ව විද්‍යාල වෘත්තිය සමිති මහා සම්මේලනය සඳහන් කළේ ය.
එම සම්මේලනයේ සභාපති පී.කේ. රුවන් කුමාර පැවසුවේ 2016 වසරේ රාජ්‍ය සේවය කරන ලද වැටුප් සංශෝධනයේදී විශ්ව විද්‍යාල ක්ෂේත්රයට අහිමි වූ සියයට පහළොවක වැටුප් ප්‍රතිශතය ලබා ගැනීම, විශ්ව විද්‍යාල අධ්‍යයන, අනධ්‍යයන සියලු පුරප්පාඩු පිරවීම, විශ්ව විද්‍යාල සේවක අර්ථසාධක හා විශ්‍රාම වැටුප් අරමුදල ආරක්ෂා කිරීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වන බවයි.
එමෙන්ම, පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තීය සමිති බල මණ්ඩලයේ ලේකම්වරයා සඳහන් කළේ මෙම ඉල්ලීම් මුල් කරගනිමින් විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග දිගින් දිගටම ගත්තත් මේ දක්වාම රජය යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බවත් වැටුප් අහිමි වීමේ අදාළ කමිටු වාර්තාව පදනම් කරගනිමින් කැබිනට් මණ්ඩල සංදේශ පවා ඉදිරිපත් කර ඇති බවත් ය.
මෙම සංකේත වර්ජනය සඳහා මෙරට විශ්ව විද්‍යාල 17 ක 13,000 කට අධික කාර්ය මණ්ඩලය එක්ව ඇත.
මේ හේතුවෙන් විශ්ව විද්‍යාලවල සියලුම දෛනික කටයුතු අඩාළ වී ඇති අතර හෙට දිනයේ ද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගන්නා බව පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ප්‍රියන්ත වීරසුරිය පවසා සිටියේ ය.
කෙසේ වෙතත්, මේ සඳහා රජයේ අවධානය යොමු නොවුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව වැඩිදුරටත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.