තැන් තැන්වල වෙඩි තිබ්බාට ජාතික ආරක්ෂාවට ලොකු බලපෑමක් නෑලු! (VIDEO)

Ministry of Defense Sri Lanka Crime Law and Order
By Shehan Mar 25, 2025 07:18 AM GMT
Shehan

Shehan

Report

දිවයින පුරා සිදු වූ වෙඩි තැබීම් හේතුවෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.

අද (25) පැවති උත්සවයකට සහභාගි වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

යෝෂිත වයිෆ්වත් එක්කන් හදිස්සියේම පොලීසියට එයි!

යෝෂිත වයිෆ්වත් එක්කන් හදිස්සියේම පොලීසියට එයි!

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය;

"ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කර තිබෙනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. දිවයින පුරාම මහජන ආරක්ෂාව තහවුරු කරලා තිබෙනවා.

මේවා පාතාල කල්ලි අතර ගැටුම් ලෙසයි දකින්න තියෙන්නේ.

ඒත් ඒවායින් ජාතික ආරක්ෂාවට විශාල බලපෑමක් නැහැ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් විශේෂ කටයුතු කරගෙන යනවා."


ReeCha