ක්ලබ් වලිය ගැන කරුණු කියන්න යෝෂිත පොලිසියට

Report

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (25) උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට පැමිණ ඇත.

ඒ, පසුගිය දිනක කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ය.

එම ගැටුමට සම්බන්ධ යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, එම සිදුවීමෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරකෑමට ලක්ව තිබේ.

දේශබන්දු අනාතයි! ආණ්ඩුව කරන්න යන දේ මෙන්න-VIDEO

දේශබන්දු අනාතයි! ආණ්ඩුව කරන්න යන දේ මෙන්න-VIDEO

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල, අත්තිඩිය සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පදිංචිකරුවන් පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මීළඟ මුදල් අමාත්‍යාංශ ලේකම් දුමින්ද?

මීළඟ මුදල් අමාත්‍යාංශ ලේකම් දුමින්ද?