නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්.
පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සැප්තැම්බර් 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, හිටපු මන්ත්‍රීවරයා අද (21) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීම සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනාවකට අදාළවයි.