මුළු රටම පොත් සුවඳින් ඔප දැමූ ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

Report

ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ අනුව මියයන විය ඔහු 90 වන වියේ පසුවු බව සඳහන්.

1936 මැයි මාසයේ දී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඔහු සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හයවැනියා විය.

ද්විතීයික පාසලක් වූ පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ ඔහු වයස අවුරුදු 15 දී පමණ කළුතර ප්‍රදේශයට පැමිණියේ පවු‍ලේ පැවති ආර්ථික ප්‍රශ්න හමුවේ බව සඳහන්.

එහිදී කාලයක් ගත වෙත්ම ඔහු පොත් බඳින්නකු වශයෙන් සේවය කළත් ඔහුට එම රැකියාව හදිසියේ අහිමි වේ.

දහස් ගණන් යුවතියන්ගේ මංගල සිහින වර්ණවත් කළ ඔහු රටම හඬවමින් අකාලයේ දිවි සැරිය නිමා කරයි

දහස් ගණන් යුවතියන්ගේ මංගල සිහින වර්ණවත් කළ ඔහු රටම හඬවමින් අකාලයේ දිවි සැරිය නිමා කරයි

පසුව 1957 දී තවත් අයකු සමඟ ගොඩගේ තරුණයා හවුල් ව්‍යාපාරයක් ඇරඹූ අතර, කුඩා කඩයක් කුලියට ගෙන ව්‍යාපාරය කරගෙන යන ලදි.

ව්‍යාපාරය අසල පිහිටි මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් පොත්පත් ගෙනැවිත් බැඳීමට පටන් ගත් ඔහු ටිකෙන් ටික එම ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟ මාළිගාකන්ද නායක හාමුදුරුවන්ගේ සහ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ආශ්‍රය හේතුවෙන් බුදුදහම වෙත සමීප වී තිබුණා.

අනතුරුව ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟ තවත් තිදෙනෙක් සේවයට බඳවා ගත් ඔහු ඒ වන විට පොත් බැඳීමටත්, පොත් විකිණීමටත්, පුස්තකාලවලටත් පොත් සැපයීමත් සිදුකළා.

පසුව 1970 වර්ෂයේ දී ගොඩගේ මහතා මරදානට පැමිණි අතර එදා සිට ගොඩගේ පොත් මැඳුර එම ස්ථානයේ පවතින අතර, පොත් ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ගොඩගේ මහතා පොත් ප්‍රකාශනය ආරම්භ කර තිබුණා.

ලොවටම සාමය වැපිරූ ඒහි පස්සිකෝ සාම පාගමන නිමා වෙයි - සාධුකාර මැද හිමිවරු දිවයිනෙන් පිටව යති

ලොවටම සාමය වැපිරූ ඒහි පස්සිකෝ සාම පාගමන නිමා වෙයි - සාධුකාර මැද හිමිවරු දිවයිනෙන් පිටව යති

මේ අතර ඔහු මුලින්ම මුද්‍රණය කර තිබුණේ ළමා පොතකි. ඉන් පසු ඔහු විවිධ ලේඛකයින්ගේ අත් පිටපත් ලබාගෙන පොත් මුද්‍රණය ඇරඹූ අතර, මේ වන විට එම සමාගම විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත.

එසේම ලංකාවේ ප්‍රසිද්ධ පොත් මුද්‍රණකරුවන් අතර සිරිසුමන ගොඩගේ මහතා ඉදිරියෙන් සිටී. ඊට අමතරව රාජ්‍ය සම්මාන ඉතිහාසයේ විශේෂ වාර්තාවක් පිහිටුවීමට ගොඩගේ ආයතනයට මේ වන විට හැකියාව ලැබී ඇති අතර ප්‍රකාශන ආයතනයක් වශයෙන් වසර 38ක් පුරාවට අඛණ්ඩව ම ඔවුන් මෙම සම්මාන දිනාගෙන ඇත.

එමෙන්ම 2022 වර්ෂයේ පැවති රාජ්‍ය සම්මාන පිරිනැමීමේ උත්සවයේ දී ගොඩගේ ආයතනය සම්මාන පහකින් පිදුම් ලැබූ අතර, ලංකාව තුළ භාෂා තුනෙන් ම කෘති ප්‍රකාශයට පත්කරන ආයතනයක් වශයෙන් ගොඩගේ පොත් මැදුර ඉදිරියෙන් පවතී. 

මම සින්දු කිව්වේ නැහැනේ.. සින්දු නොකියා මම කොහොමද සල්ලි ගන්නේ? ෂෝ එක නවත්තද්දී අඬ අඬාම සල්ලි එපා කිව්ව සුජීවා

මම සින්දු කිව්වේ නැහැනේ.. සින්දු නොකියා මම කොහොමද සල්ලි ගන්නේ? ෂෝ එක නවත්තද්දී අඬ අඬාම සල්ලි එපා කිව්ව සුජීවා

ණය දෙන්න බෑ කියූ නිසා මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනා සහෝදරයෙක්

ණය දෙන්න බෑ කියූ නිසා මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනා සහෝදරයෙක්