නිපා වෛරසය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්..!
Keheliya Rambukwella
Sri Lanka
Ministry of Health Sri Lanka
Virus
By Sewvandhi
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, නිපා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
අමාත්‍යංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා වෛරසවේදය සම්බන්ධ විශේෂඥයින් නිපා වෛරසය රටට ඇතුළුවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි, අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.
අද (24) මහනුවර පැවති මාධ්‍ය හමුවක දී, යම් හෙයකින් නිපා වෛරස ආසාදිතයින් වාර්තාවුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
