නිපා වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනකු මෙරටින් හමුවීම ගැන ඇත්ත නැත්ත මෙන්න..
Sri Lanka
Ministry of Health Sri Lanka
Virus
National Health Service
By Aruna
නිපා වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
මෙම වෛරසයට ගොදුරු වූ බවට සැක කෙරෙන කිසිවකු මේ දක්වා මෙරට කිසිදු ප්‍රදේශයකින් වාර්තාවී නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. වීරසූරිය මහතා සඳහන් කරයි.
වෛරසය රට තුළට පැමිණිය හොත් ඊට අදාළ කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බවයි වීරසූරිය මහතා කියා සිටියේ.
එනිසා වෛද්‍යවරයා වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ, පවතින රෝගවලට ප‍්‍රතිකාර ගැනීමට රෝහල් වෙත පැමිණීමට අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.
