ප්‍රසිද්ධ රාජ්‍ය අමාත්‍ය වරු දෙන්නෙක් මරාගනියි... සියලු හඩපට එළියට
ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට, ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත දුරකතනයෙන් බැන වදින හඩ පටයක් මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා.
මෙම හඬ පටයේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට තර්ජනය කරමින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන මාර්ග සංවර්ධන වැඩ කටයුතු කිහිපයක් නතර කරන ලෙසටයි.
එහිදී දැඩි තර්ජනාත්මක ස්වරූපයකින් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාට සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ හෙට වැඩ ආරම්භ කිරීමට නියමිත මාර්ග සංවර්ධන කටයුත්තක් නවතන ලෙසටයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට දරන උත්සාහය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් කියාසිටියේ රාජ්‍ය නිලධාරීන් සමග ගැටුම් ඇතිකර ගෙන ඔවුන් සමග අමනාපකම් ඇතිකර ගත් පමණින් තනතුරු දමා යන දේශපාලනයක් සිදු නොකළ යුතු බවයි.
එය තමන් අනුමත නොකරන බවත් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා එලෙස තනතුර හැරයන්නේ නම් එවැනි දේශපාලනයක් සිදු කිරීමෙන් ඵලක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ නිමල් ලන්සා අතර ඇති වූ දුරකතන සංවාදය පහතින්. සනත් නිශාන්ත - ඔයා ෆෝන් කට් කෙරුවට කමක් නෑ.
මගේ ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එවුන්ට කියලා පාරවල් හදවලා අපේ පාරවල් සේරම නතර කරලා. මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා. කුඩු පට්ටම් වෙන්න ගහනවා. මම උඹට ආයෙ කියන්නෙ නෑ නිමල් ලන්සා. මම ආයෙ කියන්නෙ නෑ මතක තියාගනින්. උඹට මං කියන එක අහගෙන ඉන්න බෑනෙ. .
හෙට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනන්ද සරත් කුමාර පාරකට මුල් ගලක් තියෙනවා’ රනවරාපිටිය නවත්වනවා නම් නවත්වපන්’ හෙට ඒක තිබ්බොත් මම හවස මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා මතක තියාගනින්. මම ආයෙ කියන්නෙ නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |