ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකට ඇප [UPDATE]
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂක නිලූ දිල්හාර විජේදාස මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කර තිබේ.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට - @ 01.35PM
අද (16) පෙ.ව.11.00ට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතාව දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ඔහුව අත්අඩංගුවට ගැනීමට චෝදනා වී ඇත්තේ ඔහුගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු.1,667,294.87 ක පාඩුවක් සිදුකිරීම සහ එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් සිදුකිරීමය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතාව අත්අඩංගුවට ගෙන ඉන් අනතුරව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදානම්ව ඇත.