රේගුව රැදවූ වාහන ගැන අධිකරණයට දැනුම්දීමක්

Report

අද (16) දින ශ්‍රී ලංකා රේගුව විසින් මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට හැකියාව තිබෙන බව අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු හමුවේ දී ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 15ක් කැඳවීම සිදුවුණි.

අධිකරණය හමුවේ, මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින මෙම නඩුකරවලට පාදකවන වාහන ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදාහැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා පැවසුවේය.

නීතිඥ වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට

නීතිඥ වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට

එමෙන්ම ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීම් සිදුකිරීමෙන් අනතුරුව අදාළ වාහන ලියාපදිංචි කිරීමට අවසර හිමි වන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස ගෙන්වන ලද වාහන අතීතයේදී ශ්‍රී ලංකා රේගුව විසින් මුදාහැර තිබෙන බවත් රේගුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ප්‍රශ්ණ කළ අතර එලෙස මුදාහල වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම වාහන මුදාගැනීමේදී ආනයනකරුවන් විසින් ගෙවිය යුතු සියයට 35ක අධිභාරය මෙම නඩුකරයෙන් පෙත්සම්කරුවන් සාර්ථක වුවහොත් යළි අයකර ගැනීමට හැකියාව තිබිය යුතු බවයි.

ඇමරිකාවෙන් 500% ක බද්දක්

ඇමරිකාවෙන් 500% ක බද්දක්

ඊට අමතරව මෙම නඩුකර සමතයට පත්කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා ඉදිරි දිනයක කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.