ප්‍රවීණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු දැයෙන් සමුගනී
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට එතුමාට වයස අවුරුදු 64 කි.
1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් ජයනන්ද වර්ණවීර මහතා වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කර තිබේ.
තවද පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වා ඇති ඔහු 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් හා එක්දින කඩුලු 6ක් බිඳහෙළා තිබුණි.
2015 වර්ෂයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කළමණාකාර වශයෙන් කටයුතු කරන විට ජයනන්ද වර්ණවීර මහතාට ක්‍රිකට් ක්‍රීඩාව සමග ඇති සබඳතා අවහිර කරමින් තහනමක් පනවා තිබුණි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව මෙම තහනම පනවා ඇත්තේ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නිර්දේශ මත වේ.
එකල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ පරීක්ෂණ සඳහා ජයනන්ද වර්ණවීර මහතා අවස්ථා කිහිපයකදි පෙනී නොසිටීම හේතුවෙන් මෙම තහනම පනවා තිබුණි.
මෙලෙස තම ක්‍රිකට් ජීවිතයේ විවිධ සංදිස්ථානයන් එතුමා පසුකර තිබේ.
කෙසේ වෙතත් මෙටර ක්‍රීඩා ක්ෂේත්‍රයට නොමැකෙන මතක සටහනක් එක්කරන්නට එතුමා සමත් විය.