එළවළු තොග මිලට වෙච්චදේ මෙන්න - ගොවීන් දැඩි අසීරුතාවයක

Report

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල මේ දිනවල සීඝ්‍රයෙන් පහළ බැස තිබෙන බව වාර්තා වේ. 

මෙයට ප්‍රධාන හේතුව වශයෙන් මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීම සහ ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවීම සඳහන් වෙයි. අද (16) දහවල් වන විට මෙම තත්ත්වය උග්‍ර වී එළවළු අලෙවි නොවන තත්ත්වයකට පත්ව ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයන් පෙන්වා දෙති.

මෙම මිල පහත වැටීමෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටින අතර, ඔවුන්ගේ නිෂ්පාදන වියදම් (බීජ, පොහොර, ප්‍රවාහන ගාස්තු ආදිය) ඉහළ මට්ටමක පැවතුණද, තොග මිල පහළ බැසීම නිසා ඔවුන්ට වගකිවයුතු පුද්ගලයකු නොමැති බව චෝදනා කරති. ඇතැම් එළවළුවල ගුණාත්මකභාවය වර්ෂාව හේතුවෙන් අඩුවීම ද මෙම තත්ත්වයට බලපා ඇති බව ව්‍යාපාරිකයන් සඳහන් කරයි. ඔවුන්ට ද එළවළු අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ආර්ථික පීඩනයක් එල්ල වී තිබේ.

වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට ගගන දඩය මෙන්න

වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට ගගන දඩය මෙන්න

 අද පස්වරුව වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවති එළවළු තොග මිල මෙලෙස වාර්තා වී ඇත:

- ගෝවා කිලෝවක්: රු. 30-40 - බෝංචි කිලෝවක්: රු. 190-200 - ලීක්ස් කිලෝවක්: රු. 60-70 - කැරට් කිලෝවක්: රු. 60-70 - බීට් කිලෝවක්: රු. 30-60 - තක්කාලි කිලෝවක්: රු. 60-80 - කැකිරි කිලෝවක්: රු. 20-25

එසේම, නුවරඑළිය ප්‍රදේශයෙන් ලැබෙන එළවළු මිල මෙලෙසයි:

- අර්තාපල් කිලෝවක්: රු. 160-190 - වැටකොළු කිලෝවක්: රු. 80-90 - වට්ටක්කා කිලෝවක්: රු. 25-30 - වම්බටු කිලෝවක්: රු. 150-160 - මුරුංගා කිලෝවක්: රු. 25-30 - දේශීය ලොකු ලූනු කිලෝවක්: රු. 130-140

තේ පොහොර බෙදාහැරීම ඩිජිටල්කරණයට ලක් කෙරේ

තේ පොහොර බෙදාහැරීම ඩිජිටල්කරණයට ලක් කෙරේ

"අමානුෂික දේශපාලන අන්තවාදියෙක්" කියූ මාධවී ඇන්තනීට වැඩ වරදී

"අමානුෂික දේශපාලන අන්තවාදියෙක්" කියූ මාධවී ඇන්තනීට වැඩ වරදී