ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්ණ කිරීම ආරම්භයි
අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හය දෙනාගෙන් මේවන විට පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
ගණේමුල්ල සංජීව නමැත්තාගේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි සහ තවත් සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ දින (15) නේපාලයෙන් මෙරටට රැගෙන ආවේය.