හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව හෙට

Report

හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව – 2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත.

එහි තේමාව බවට පත්ව තිබෙනුයේ “කැළඹිලි වලට මුහුණ දීම: පරිවර්තනය සඳහා එක්වීම” “Tackling Turbulences: Teaming up for Transformation” යන්නයි. ජාතික කම්පන ලේකම් කාර්යාලයේදී එය පැවත්වීමට සැලසුම් කර ඇත.

ඒවගේම හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුවේ අරමුණු ලෙසින්

  • ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු ප්‍රතිකාර පද්ධතිය ගුණාත්මකභාවයෙන් ඉහළ නැංවීම 
  • ප්‍රජාවට ප්‍රතිලාභ ලබා දීම
  • පද්ධති කාර්යක්ෂමතාව සාක්ෂාත් කර ගැනීම
  • හවුල්කරුවන් සමඟ වැඩ කිරීම
  • වර්තමාන විද්‍යාත්මක දැනුම වැඩිදියුණු කිරීම

යන ආදී අරමුණු හදුන්වන්නට හැකියාව ඇත.

"අමානුෂික දේශපාලන අන්තවාදියෙක්" කියූ මාධවී ඇන්තනීට වැඩ වරදී

"අමානුෂික දේශපාලන අන්තවාදියෙක්" කියූ මාධවී ඇන්තනීට වැඩ වරදී

වර්ථමානය වන විට ලෝකයේ රෝගී ප්‍රථිකාරයන් ඉතා දියුණු මට්ටමක පවතී . එනිසා මෙම සමුළුවෙන් ලෝකයේ නවීනතම විශේෂඥ දැනුම මෙරට හදිසි ප්‍රතිකාර සේවාවන් සමඟ හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වේ.

තවද ලාංකීය හදිසි අනතුරු ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම ලෝකයට ලබාදීමට ද මෙම සමුළුව මගින් අවස්ථාව උදාවෙනු ඇත. බොහෝවිට මෙරට හදිසි අනතුරු නිසා ප්‍රථිකාර ලබාගන්නාවූ පිරිස අතර තරුණ තරුණියන් බොහෝ වේ. ඒ රටේ අනාගතයයි .මේ නිසා ඔවුන්ගේ පවුල් සංස්ථාව දේශපාලනික, ආර්ථික සාමාජීය ආදී සෑම අංශයෙන්ම පිරිහීමකට පත් වේ.

මාර්ග අනතුරු හේතුවෙන් දිනකට 06-08 පමණ පිරිසකගේ ජීවිත අහිමි වන අතර, වසරකට 2500 ක් පමණ පිරිසකට ජිවිත අහිමි කරමින් එම ප්‍රමාණය මෙන් දසගුණයක් සදාකාලික ආබාධිත තත්ත්වයට ලක්වීම කණගාටු දායක කරුණකි.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ දී 20230 වසර වනවිට මෙරට මාර්ග අනතුරු සංඛ්‍යාව 2020 වසරට සාපොක්ෂව 50% කින් අඩු කර ගත යුතු වේ.

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

බැලූ බැල්මට එය අභියෝගාත්මක අපහසු ඉලක්කයක් වේ. නමුදු කළ හැකිය.මේ අනුව බොහෝ අරමුණු මූලික කරගත් හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව හෙට දිනයේ පවත්වන්නට නියමිතයි.

අර්චුනාට මොළේ හොද නෑ කතා කරන්න දන්නේ නෑ - ධීවර අමාත්‍ය රාමලිංගම්

අර්චුනාට මොළේ හොද නෑ කතා කරන්න දන්නේ නෑ - ධීවර අමාත්‍ය රාමලිංගම්

අප බලාපොරොත්තු වෙන්නාසේම ශ්‍රී ලංකාවේ සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගන්නට මාර්ග අනතුරු සංඛ්‍යාව අඩුවෙන්නට අපද පුරවැසියන්  ලෙස  දායකත්වය ලබාදිය යුතුව ඇත.