"අමානුෂික දේශපාලන අන්තවාදියෙක්" කියූ මාධවී ඇන්තනීට වැඩ වරදී

Report

ෆේස්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ සිදු කළ යැයි කියන අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලමින් සංජය බණ්ඩාර විසින් ඔහුගේ නීතිඥවරුන් මගින් මාධවී වත්සලා ඇන්තනී වෙත එන්තරවාසියක් (Demand Letter) යොමු කර ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමේ විස්තර අනුව, පසුගිය ඔක්තෝබර් 06 වැනිදා මාධවී වත්සලා ඇන්තනී සිය ෆේස්බුක් ගිණුමේ Story එකක් ඔස්සේ සංජය බණ්ඩාරව "අමානුෂික දේශපාලන අන්තවාදියෙක්" සහ "ළමා අපයෝජකයකු" ලෙස හංවඩු ගසමින්, ඔහුගේ ගිණුම වාර්තා කිරීමට (report) ජනතාව දිරිමත් කරමින් පළ කිරීමක් සිදු කර තිබේ. මෙම පළ කිරීමේදී ඔහුගේ ඡායාරූපයක් ද ඇතුළත් කර තිබූ බව සඳහන්ය.

"අමානුෂික දේශපාලන අන්තවාදියෙක්" කියූ මාධවී ඇන්තනීට වැඩ වරදී | Madhavi Anthony Faces Rs 100M Lawsuit

එම පදනම් රහිත සහ අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් සංජය බණ්ඩාරට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැඩි මානසික පීඩාවක් සහ කම්පනයක් ඇති වූ බව එන්තරවාසියෙන් පෙන්වා දී ඇත. ඒ අනුව, ඔහුගේ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදල දින 7ක් ඇතුළත ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන එම මුදල නඩු ගාස්තු සමග අය කර ගැනීමට පියවර ගන්නා බවත් එහි දැක්වේ.

ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්ණ කිරීම ආරම්භයි

ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්ණ කිරීම ආරම්භයි

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් පසුව සංජය බණ්ඩාර විසින් මුලින්ම මාධවී වත්සලා ඇන්තනී වෙත මේ පිළිබඳ කණගාටුව පළ කරමින් දින තුනක් ඇතුළත ප්‍රසිද්ධ සමාවක් ඉල්ලා සිටි බවත්, ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවත් වාර්තා වේ. මෙම තත්ත්වය තුළ දෙපාර්ශ්වය අතර ඇති වූ ආරවුල් ඉදිරියේදී නීතිමය මට්ටමකට ගෙන යාමේ අවදානමක් පවතින බව පෙනේ.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය භාවිතයේදී සිදු වන අපහාස සහ ඔවුන්ගේ බලපෑම් පිළිබඳව සමාජයේ අවධානය යොමු කිරීමට හේතු වී ඇති අතර, ඉදිරි දිනවලදී මෙය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය විය හැකිය.

රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්

රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්