මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

Report

ඉෂාරා සෙව්වන්දි ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

ඒ අනුව නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හය දෙනා ඊයේ පස්වරුවේදී ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන විත් තිබුණා.

එම පිරිස අතර ගනේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය වශයෙන් සැලකෙන ඉෂාරා සෙව්වන්දි, අඳාළ ඝාතනයෙන් අනතුරුව ඇයට මෙරටින් පළා යෑමට සහාය දැක්වු ජැෆ්නා සුරේෂ්, ජේ.කේ.බායි සහ කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලායට සම්බන්ධ ගම්පහ බබා ශාන්ත, නුගේගොඩ බබී සහ ඩුබ්ලිකේට් තක්ෂි යන අයයි.

ඒ අනුව දැඩි ආරක්ෂාවක් යටතේ ගුවන් තොටුපලින් පිටතට රැගෙන ආ ඔවුන් වැඩිදුර විමර්ශන වෙනුවෙන් පොලිස් ස්ථාන තුනක් වෙත යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට දිවයිනට - අල්ල ගෙන තියෙන්නේ මෙහෙමයි

මෙහිදී ඉෂාරා සෙව්වන්දි, ඩුබ්ලිකේට් තක්ෂි, ජැෆ්නා සුරේෂ් සහ ජේ.කේ බායි යන අය වැඩිදුර විමර්ශනවලට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් ඇත.

එසේම නුගේගොඩ බබී නමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙතත් ගම්පහ බබා නමැත්තා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයටත් භාර දී තිබෙනවා.

මේ අතර පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් ජේ.කේ. බායි සහ ජැෆ්නා සුරේෂ් නැමැත්තා, කෙහෙල්බද්දර පද්මේ ඝාතනයෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දිට මෙරටින් පළායෑමට සහාය දැක්වු අය බවයි.

එසේම ඔවුන් කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයට සම්බන්ධ බව ද පොලිසිය දැක්වුවා. තවද ජේ.කේ බායි නම් පුද්ගලයා මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පිටමං කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධානතම සැකකරු බව පොලිසිය කියා සිටියා.

එමෙන්ම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින නුගේගොඩ බබී නම් පුද්ගලයා ද මනුෂ්‍ය ඝාතනයට සහ කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙක් බවට හඳුනාගෙන ඇත.

ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්ණ කිරීම ආරම්භයි

ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්ණ කිරීම ආරම්භයි

ඔහු 2019 වසරේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකින් පසුව ඩුබායි බලා පළා ගොස් සිට ඇති අතර පසුව 2024 වසරේදි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අයෙක් බව වාර්තා වේ.

එමෙන්ම ඔහු සතුව තිබි 9mm වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන ඇත. එම නඩු විභාගවලින් පසුව ඉකුත් මැයි මාසයේදී ඔහු මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් දුම්රියෙන් නේපාලයට ගොස් ඇත.

මේ අතර ගම්පහ බාබා ශාන්ත ද කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධ අයෙක් බවට අනාවරණය කර ගෙන ඇති අතර, වීරගුල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට සහ ගම්පහ ඔස්මන් ඝාතන සැලැස්මට ද ඔහු සම්බන්ධ බවට හෙළිව තිබෙනවා.

ඔහුද ඉකුත් අගෝස්තු මාසයේදී මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් එතැන් සිට දුම්රියෙන් නේපාලයට ගොස් ඇත.

කෙසේ වෙතත් මෙම අපරාධකරුවන් සියලුදෙනාට මෙරටින් පළා යෑමට සහාය දක්වා තිබුණේ ජේ.කේ. බායි නැමැත්තා බව සඳහන්.

එයට හිලව් වශයෙන් රුපියල් කෝටියක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ජේ.කේ. බායිට කෙහෙල්බද්දර පද්මේ ලබා දී ඇති බවට ද කරුණු අනාවරණය වේ.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

එසේම ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙම සැකකරුවන් හයදෙනා නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් නේපාලයට ගිය කණ්ඩායමක් එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී බව වාර්තා වේ.

මේ අතර අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි, ගනේමුල්ල සංජීව ඝාතනය කළ දිනයේදී අධිකරණ භූමියේ සිදුවු සිදුවීමක් පිළිබඳව ද පොලිසිය හමුවේ කියා ඇත.

ඒ අනුව ඇය පවසා ඇත්තේ තමා නීතිඥවරියක් වශයෙන් සැරසී එදින උසාවියට ගොස් ගනේමුල්ල සංජීව රැගෙන එන තෙක් නීතිඥයින් සඳහා වෙන් කර තිබු විවේකාගාරයේ රැදී සිට ඇති බවයි.

එවිට එහි පැමිණි කාන්තාවක් නඩුවකට පෙනී සිටින මෙන් තමාගෙන් ඉල්ලූ බවද ඇය සඳහන් කළා. ඒ,

"ගනේමුල්ල සංජීවට වෙඩි තියන්න උසාවියට ආව වෙලාවේ මම හිටියේ නීතිඥවරුන්ට වෙන් වුණු විවේක කාමරයේ. එතනට ආව අසරණ පෙනුමක් තියෙන කාන්තාවක් මට කතා කළා. එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා. එයාගේ සැමියා එයාට හොඳටම ගහලා ඒකට අදාළ නඩුව ඒ අධිකරණයේ තිබ්බේ. එයා මට කිව්වා මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා. මම කිව්වා මම ඇවිත් ඉන්නේ වෙන නඩුවකට පෙනීඉන්න, අතන ඉන්න ලෝයර්ට කතාකරන්න කියලා එතන හිටිය ලේඩි ලෝයර් කෙනෙක් මම පෙන්නුවා. එයා එතනට ගිහින් කතා කලා. ඒ ලෝයර් එයාගෙන් රුපියල් 2000 ක් ඉල්ලුවා. ඒ ගෑනු කෙනාට කරගන්න දෙයක් නැතිව අසරණ විදිහට මගේ මූණ දිහා බැලුවා. මම එයාට එළියට කතා කරලා මගේ අතේ තිබුණ රුපියල් 5000 ක් දීලා අර ලෝයර්ට දෙන්න කිව්වා. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා" යනුවෙන්.

ඉෂාරා සෙව්වන්දිගේ අනන්‍යතාවය තහවුරුයි - ඉෂාරා සෙව්වන්දි CCDයට

ඉෂාරා සෙව්වන්දිගේ අනන්‍යතාවය තහවුරුයි - ඉෂාරා සෙව්වන්දි CCDයට