නොමිලේ ඉන්ධන දීමනාව ගත්තු සෙට් එකක් මෙන්න

Report

මාධ්‍යවේදීන් පිරිසක් විසින් පාර්ලිමේන්තුවේ පිහිටි තොරතුරු දැනගැනීමේ අංශයට කල විමසීමකදී කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස තනතුරු භාර ගැනීමෙන් පසුව ද යම් කාල පරිච්ඡේදයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බව අනාවරණය වි තිබේ.

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

අදාළ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ඉන්ධන දීමනාව ලබාගෙන ඇති කාලසීමාවන් පහත පරිදි වේ.

ඉන්ධන දීමනාව ලබාගත් කාලසීමාවන් 2025 මාර්තු මාසයේ සිට:

අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, කේ. ඩී. ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, ඒ. එච්. එම්. එච්. අබේරත්න, ක්‍රිශාන්ත අබේසිංහ, අනුර කරුණාතිලක, කුමාර ජයකොඩි, චතුරංග අබේසිංහ, මහින්ද ජයසිංහ, හංසක විජයමුනි, එරංග වීරරත්න, ටී. බී. සරත් සහ අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන් ඉන්ධන දීමනාව භාවිත කර ඇත.

2025 අප්‍රේල් මාසය දක්වා:

අග්‍රාමාත්‍ය හාරිණී අමරසූරිය මහත්මිය, අමාත්‍යවරුන් වන නලින්ද ජයතිස්ස, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, සුනිල් කුමාර ගමගේ, උපාලි පන්නිලගේ, සරෝජා පෝල් රාජා, ආනන්ද විජේපාල, ජනිත රුවන් කොඩිතුවක්කු, එරංග ගුණසේකර, ප්‍රසන්න ගුණසේන, ඇන්ටන් ජයකොඩි, ආර්. එම්. ජයවර්ධන, සුනිල් වටගල, නාමල් සුදර්ශන සහ රුවන් සෙනරත් යන මහත්වරුන් ඉන්ධන දීමනාව ලබාගෙන ඇත.

අස්වැසුම ගැන සුභ ආරංචියක්

අස්වැසුම ගැන සුභ ආරංචියක්

2025 මැයි මාසයේ සිට අත්හිටවූ අය:

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා 2025 මැයි මාසයේ සිට ඉන්ධන දීමනාව අත්හැර දමා ඇත.

මේ වසරේ ජූනි මාසය දක්වා:

අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුගත් තිලකරත්න සහ සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් මේ වසරේ ජූනි මාසය දක්වා දීමනාව ලබාගෙන ඇත.

මේ වසරේ ජූලි මාසය දක්වා අත්හිටවූ අය:

රත්න ගමගේ, අරුණ ජයසේකර, ගමගේදර දිසානායක, මුනිල් මුලෆර්, මධුර සෙනෙවිරත්න සහ නලින් හේවාගේ යන මහත්වරුන් මේ වසරේ ජූලි මාසය දක්වා ඉන්ධන දීමනාව අත්හැර දමා ඇත.

2025 අගෝස්තු මාසයේ සිට අත්හිටවූ අය:

අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් රණසිංහ සහ සුසිල් රණසිංහ යන මහත්වරුන් 2025 අගෝස්තු මාසයේ සිට ඉන්ධන දීමනාව අත්හැර දමා ඇත.

නීතිඥ වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට

නීතිඥ වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට

මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට අත්හිටවූ අය:

අමාත්‍යවරුන් වන රාමලිංගම් චන්ද්‍රසේකරන්, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, නාමල් කරුණාරත්න සහ උපාලි සමරසිංහ යන මහත්වරුන් මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඉන්ධන දීමනාව අත්හැර දමා ඇත.

වැටුප් හා දීමනා ගෙවීම තවද, සියලුම අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා සියලු දීමනා ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත ගෙවීම සිදුකරන බවද මෙහිදී අනාවරණය විය.