සුරූපී නිළි නිල්මිණි තෙන්නකෝන් සංවේදී වෙයි.." මම මගෙ දරුවව දැක්කේ මාස තුනකට පස්සෙ..එයා අඳුර ගත්තෙ නෑ මම එයාගේ අම්මා කියලා.." ඒක හරිම අමාරුයි මතක් වෙනකොටත්..(PHOTOS)

Actress goasip Nilmini Thennakoon social medi
By Sewvandhi Feb 20, 2022 02:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

“ඒ දේ මට මගේ ජීවිතේ දී කවදාවත් අමතක කරන්න බැහැ...” පුංචි තිරයේ අමතක නොවන චරිත ගණනක් නිරූපණය කළ නිල්මිණි තෙන්නකෝන් කියන සම්මානනීය නිළිය ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ.

පුංචි දියණියකගේ මවක් වන නිල්මිණි, සමාජ මාධ්‍ය තුළිනුත් ප්‍රේක්ෂක ඔබව නිතරම වගේ මුණ ගැහෙනවා. ඇය පසුගිය දවසක ඇගේ ජීවිතේ අමතක නොවන 'කඳුළු මතකයක්' එක්තරා යූටියුබ් නාලිකාවක් හා බෙදාගෙන තිබුණා.

රංගන ශිල්පී කැළුම් විජේසූරිය මෙහෙයවූ එම සාකච්ඡාවේදී ඔහු ඇසූ ප්‍රශ්නයකට නිල්මිණි දුන්නෙ මෙහෙම උත්තරයක්. "

මට ජීවිතේට අතක කරන්නම බැරි දේ.. මගේ රිය අනතුර වෙලා මම මාස තුනක කාලයක් රෝහල්ගත වෙලා හිටියා. එතකන් මගේ දියණියට කියලා තිබ්බේ නෑ මේ සිද්ධිය. මගේ නංගි තමයි මං විදිහට දියණියට කතා කරලා තිබුණේ. ඇය මගේ ළඟට ආවේ මාස තුනකට පස්සෙ, මං මගේ දියණියව මගේ ඇස් දෙකට දැක්කේ. එයා අඳුරගත්තෙ නෑ මං අම්මා කියලා.. ඒක හරි අමාරුයි මට අදටත් මතක් වෙනකොට..."


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha