මහ රෑට ගෙවල්වලට පනින නින්ජා නිසා මුළු ඇඹිලිපිටියම බියෙන්

Report

ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ගොඩකවෙල ඇඹිලිපිටිය හා උඩවලව යන පොලිස් බල ප්‍රදේශවල නිවාස හා වෙළද ව්‍යාපාරවලට මධ්‍යම රාත්‍රියේ සොරකු ඇතුල්වීම නිසා එම ජනතාව දැඩි භීතියට පත්ව සිටින බව වාර්තා වේ.

ඒ අනුව මෙම භයානක සොර දෙටුවා අත් අඩංගුවට ගැනීමට අඳාළ පොලිසි මේ වනවිටත් අපොහොසත් වීම නිසා ජනතාවගේ බිය දෙගුණ තෙගුණ වී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

එමෙන්ම ඔවුන් ප්‍රකාශ කරන්නේ එක් පුද්ගලයකු හෝ කණ්ඩායමක් තනි තනියෙන් සිදු කරනු ලබන මෙම සොරකමට පැමිණෙන පුද්ගලයා සිරුර පිටටත නොපෙනෙන ආකාරයට ආවරණය කරගෙන කිසිම සැකයකින් හා බියකින් තොරව නිවාස හා වෙළද ව්‍යාපාර තුළට ඇතුල් වන බවයි.

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

එමෙන්ම මෙම සොරා මධ්‍යම රාත්‍රියේ මුහුණ වසාගෙන අත් ආවරණ පැළද නිවාසවල ආරක්ෂිත බැම්ම මතින් නිවාස පරිශ්‍රයන්ට ඇතුල්වී සිය කර මත රදවාගෙන සිටින බෑගයෙන් විවිධ උපකරණ පිටතට ගෙන ජනේල ගලවා නිවාස තුළට ඇතුල්වන අයුරු එහි සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතිවල සටහන්වී ඇති බවට ද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසයි.

තවද මෙසේ ඇතුල් වන්නේ එක් පුද්ගලයකු ද එසේ නොමැතිනම් කීප දෙනකු ද යන්න සැකයක් පවතින බවත් ඔවුන් පවසයි.

ඒ එකම විදියේ ඇදුම් කට්ටලයක් සොරා පැළදගෙන සිටීම හේතුවෙන්.

විදේශීය යුවළකට මාරයා පෙන්නූ දරුණු වන අලි ප්‍රහාරයක් - අලියා දැකලා ෆොටෝ ගන්න ළඟටම ගිහින්

විදේශීය යුවළකට මාරයා පෙන්නූ දරුණු වන අලි ප්‍රහාරයක් - අලියා දැකලා ෆොටෝ ගන්න ළඟටම ගිහින්

ලෝකයම බලා සිටින ඉන්දීය - පාකිස්තාන ක්‍රිකට් ගැටුම - කොළඹ තර­ගයේ ප්‍ර‍වේශ පත්‍ර අඩුම එක තිස්හ­තර දහ­සයි!

ලෝකයම බලා සිටින ඉන්දීය - පාකිස්තාන ක්‍රිකට් ගැටුම - කොළඹ තර­ගයේ ප්‍ර‍වේශ පත්‍ර අඩුම එක තිස්හ­තර දහ­සයි!