බන්ධනාගාරගතව ඉන්න දීගල සමන්ගේ කෝටි ගාණක නිවසක් තහනම් කරයි

Report

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේවන විට බන්ධනාගාරගතව සිටින අජිත් පෙරේරා හෙවත් 'දීගල සමන්' නැමැත්තාගේ සුඛෝපභෝගී නිවසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් තහනම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මෙම නිවස පිහිටා ඇත්තේ, අවිස්සාවේල, දෙහිඕවිට ප්‍රදේශයේ බව සඳහන්.

අඳාළ නිවස ඔහුගේ අනියම් බිරිඳට මිලදීගෙන දී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

අධිකරණයට යන මඟ උණුසුම් තත්ත්වයක් - එකවරම සැකකරුවෙකුට වීදුරු බෝතල් ප්‍රහාරයක්

සැකකරුට එම නිවස මිලදීගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පැහිදිලි කිරීමට නොහැකිවීම නිසා පොලීසිය සැක පළ කරන්නේ එය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගෙන ඇති බවටයි. ඒ අනුව පොලීසිය සඳහන් කළේ එම නිවස තහනම් කිරීමට කටයුතු කළ බවයි.

බරපතළ තත්ත්වයක් ගැන පොලීසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

බරපතළ තත්ත්වයක් ගැන පොලීසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට ලීක්වුනු මැතිසබේ හුටපටය - තානාපතිලාත් සීරැවෙන්

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට ලීක්වුනු මැතිසබේ හුටපටය - තානාපතිලාත් සීරැවෙන්