විදේශ ඇමති පලස්තීන තානාපති හමුවෙයි - ළඟදිම ලංකාවට තව අමුත්තෙක්

Report

පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය සඳහා කෘතඥතාව පළ කිරීමට ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යාංශයේදී මුණ ගැසී ඇත.

එහිදී තානාපතිවරයා විසින් විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනය සම්බන්ධ යෝජනාවලදී ශ්‍රී ලංකා රජය ලබා දුන් නොපැකිලි සහයෝගය පිළිබඳව පලස්තීන රජයේ විශේෂ ස්තුතිය පළ කර ඇත.

එසේම අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීන විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් වෙනුවෙන් කරන ලද ආරාධනය පලස්තීනයට කරන ලද ඉහළ ගෞරවයක් වශයෙන් සලකන බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

නව පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පෙබරවාරි 28 වෙනකල් මහජනතාවට කල් දෙයි

නව පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පෙබරවාරි 28 වෙනකල් මහජනතාවට කල් දෙයි

මෙහිදී තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා දශක ගණනාවක සිට ජාත්‍යන්තර තලයේදී පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටීම සම්බන්ධයෙන් පලස්තීන ජනතාව තුළ පවතින ඉහළ ප්‍රසාදය ගැන වැඩිදුරටත් අවධාරණය කළා. 

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට විශේෂ නිවේදනයක් - ග්‍රාමසේවක හා වෙබ්අඩවිය මගින් සේවාව

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට විශේෂ නිවේදනයක් - ග්‍රාමසේවක හා වෙබ්අඩවිය මගින් සේවාව

බරපතළ තත්ත්වයක් ගැන පොලීසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

බරපතළ තත්ත්වයක් ගැන පොලීසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්