ශ්රී ලංකා සංචාරක කර්මාන්තයට ලැබුණු ලොකු අස්වැසිල්ලක් - SCAT Airlines මත්තල ජාත්යන්තර ගුවන්තොටුපළට යළි පැමිණෙයි
කසකස්තානයේ SCAT ගුවන් සේවය ඊයේ, (25) සිට මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළ (MRIA) වෙත සිය ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත.
2026/27 ශීත ඍතුව වෙනුවෙන් මෙම සේවාව යළි ආරම්භ කිරීමත් සමඟ ශ්රී ලංකාව සහ කසකස්තානය අතර ගුවන් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වී තිබේ
විශේෂයෙන්ම ශීත ඍතු සංචාරක සමය තුළ විදේශීය සංචාරකයින් ශ්රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමටත්, මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනයට සහාය වීමටත් මෙම ගුවන් ගමන් සේවාව දායක වනු ඇති බව අපේක්ෂා කරනු ලබයි .