ඕස්ට්‍රේලියාවේ දශක පහකට පසු දැවැන්ත පෙරළියක් - ඩොලර් බිලියන 5.3ක නව සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පළමු ජාත්‍යන්තර ගුවන් ගමන

Report

සිඩ්නි නුවර වේගයෙන් සංවර්ධනය වන බටහිර තදාසන්න ප්‍රදේශයේ ඉදිකළ, ඩොලර් බිලියන ගණනක් වැය වූ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පළමු ජාත්‍යන්තර ගුවන් ගමන සඳුදා (ඔක්තෝබර් 26) ආරම්භ විය.

දශක හතරකට වැඩි කාලයක් පුරා සැලසුම් කිරීමෙන් අනතුරුව ඉදිකළ වෙස්ටර්න් සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ, සියවසකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන සිඩ්නි නුවර ප්‍රධාන ගුවන්තොටුපළට විකල්පයක් ලෙස විවෘත කර තිබේ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට පැමිණි එයාර් නවසීලන්ඩ් ගුවන් යානයක් සඳුදා උදෑසන නව ගුවන්තොටුපළට ගොඩබැසීමෙන් අනතුරුව යළි පිටත්ව ගියේය. ඒ සමඟ සිඩ්නි නුවර බටහිර තදාසන්න ප්‍රදේශ වෙත සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරන නව සේවාව ආරම්භ විය.

“අලුතින් ඉදිකළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වීමට සෑම දිනකම ලැබෙන අවස්ථාවක් නොවේ,” යනුවෙන් එයාර් නවසීලන්ඩ් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී කේට් බෝයර් පැවසුවාය.

“බටහිර සිඩ්නි ප්‍රදේශයේ මිලියන 2.5කට අධික ජනතාවක් ජීවත් වනවා. මෙම ගුවන්තොටුපළ ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ට අපේ රටේ විවිධ ආකර්ෂණීය ස්ථාන සොයා යාමට තවත් පිවිසුම් මාර්ගයක් සපයනවා,” යනුවෙන් ද ඇය සඳහන් කළාය.

දශක පහකට වැඩි කාලයකට පසු ඕස්ට්‍රේලියාවේ ඉදිකළ පළමු ප්‍රධාන ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථානය වන මෙම නව ගුවන්තොටුපළේ එක් ධාවන පථයක් පවතී. එහි දේශීය ගුවන් ගමන් ඉරිදා ආරම්භ වූ අතර, භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ජූලි මාසයේදී ආරම්භ කෙරිණි. සිඩ්නි නුවර ප්‍රධාන ගුවන්තොටුපළ වන කිංග්ස්ෆර්ඩ් ස්මිත් (Kingsford Smith), ඕස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපළයි.

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

එහි ධාවන පථ තුන ඔස්සේ පසුගිය වසරේ මගීන් මිලියන 42කට අධික පිරිසක් ප්‍රවාහනය කර තිබේ. නගර මධ්‍යයේ සිට කිලෝමීටර් නවයක් පමණ දුරින් බොටනි බොක්ක ආශ්‍රිතව පිහිටි එම ගුවන්තොටුපළෙන් ගුවන්ගත වන යානා නගරයේ බොහෝ නිවාසවලට ඉහළින් ගමන් කරයි.

එමෙන්ම රාත්‍රී කාලයේ මගී ගුවන් යානා මෙහෙයුම් තහනම් කරන කාල සීමාවක් ද එහි ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, බටහිර සිඩ්නි නව ගුවන්තොටුපළට එවැනි මෙහෙයුම් සීමාවන් පනවා නොමැත.

“පැය 24 පුරා මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව හේතුවෙන් ගෝලීය ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථාන සමඟ සම්බන්ධතා ගොඩනැඟීමට ගුවන් සමාගම්වලට වැඩි නම්‍යශීලීභාවයක් ලැබෙනවා. එමෙන්ම ලෝකයේ විවිධ ගමනාන්ත වෙත ගමන් කිරීමට සංචාරකයන්ට වැඩි විකල්ප ප්‍රමාණයක් හිමිවනවා,” යනුවෙන් ගුවන්තොටුපළේ ප්‍රධාන විධායක නිලධාරී සයිමන් හික්කි පැවසීය.

ක්වන්ටාස් ගුවන් සමාගමට අයත් අඩු වියදම් ගුවන් සේවාවක් වන ජෙට්ස්ටාර් (Jetstar) දැනට එහි ප්‍රධාන දේශීය ගුවන් සේවය ලෙස ක්‍රියාත්මක වේ.

එමඟින් ගෝල්ඩ් කෝස්ට්, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් වෙත ගුවන් ගමන් සිදු කෙරේ. ඉදිරියේදී තවත් ජාත්‍යන්තර ගුවන් සේවා කිහිපයක් ද මෙහි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

කටාර් එයාර්වේස් 2027 දෙසැම්බර් මාසයේදීත්, ෆීජි එයාර්වේස් 2027 මාර්තු මාසයේදීත්, වියට්ජෙට් එයාර් 2027 ජනවාරි මාසයේදීත් ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ගුවන්තොටුපළ බලධාරීහු පවසති.

අවට ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා වැය වන මුදල් හැර, නව ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 5.3ක් (ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක්) වැය කර තිබේ. මේ වන විට මාර්ග ඔස්සේ එයට ළඟා විය හැකි නමුත්, සෘජු දුම්රිය සම්බන්ධතාවක් අවම වශයෙන් 2027 දෙසැම්බර් මාසය වන තෙක් අපේක්ෂා නොකෙරේ.

නව ගුවන්තොටුපළ විවෘත කිරීම ඕස්ට්‍රේලියාවට “අපූරු නව පරිච්ඡේදයක්” ආරම්භ කරන බව අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය. සිඩ්නි නුවර ප්‍රසිද්ධ වරාය සහ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය (CBD) කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබීම හේතුවෙන් බටහිර සිඩ්නි ප්‍රදේශය බොහෝ විට අවධානයෙන් බැහැරව පැවති බව සඳහන් කළ ඔහු, නව ගුවන්තොටුපළ එම ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනයට සහ රැකියා උත්පාදනයට දායක වනු ඇති බව පැවසීය

“දිගු කාලයක් තිස්සේ සිඩ්නි නුවර අවධානය යොමුව තිබුණේ වරාය සහ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය දෙසටයි.

නමුත් මෙම ව්‍යාපෘතිය මඟින් ජනතාව ජීවත් වන, රැකියා බිහිවන සහ ආයෝජන සිදුවන බටහිර සිඩ්නි ප්‍රදේශය වෙත අවධානය යොමු කිරීමට හැකි වනවා,” යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටෙයි - පස්දෙනෙකුට තුවාල ලබා රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටෙයි - පස්දෙනෙකුට තුවාල ලබා රෝහලට

සෞදියට එල්ල වූ හවුති ප්‍රහාර මැද ලෝක තෙල් වෙළඳපොළෙන් හදිසි පෙරළියක් - බොරතෙල් මිල එකපාරටම පහතට

සෞදියට එල්ල වූ හවුති ප්‍රහාර මැද ලෝක තෙල් වෙළඳපොළෙන් හදිසි පෙරළියක් - බොරතෙල් මිල එකපාරටම පහතට