ඉදිරි දින 14 ගැන ඉතාමත් තද තීන්දුවක් ගනී??...කොවිඩ් මරණ 22,000 ඉක්මවන බවට අනතුරු ඇඟවීමක්...

Covid Corona Sri Lanka PHI
By Aruna Aug 13, 2021 01:07 AM GMT
Aruna

Aruna

Report

රටේ පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය පාළනයට බළධාරීන් කඩිනමින් දැඩි තීන්දුවක් ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරි දින 14 ක කාලය පිළිබද වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

මේ පවතින තත්ත්වයත් එක්ක රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වෙමින් පවතින බවත් මේ හේතුවෙන් ඉදිරි දින 14 සම්බන්ධයෙන් ඉතා තද තීන්දුවක් ගතයුතු බවයි උපුල් රෝහණ මහතා වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර දිනෙන් දින කොවිඩ් මරණ ඉහළ යාමත් සමඟ අපි අද අවධානය යොමු කරන්නේ කොවිඩ් 19 පිළිබද පුරෝකථන ඉදිරිපත් කරන ලොව ප්‍රමුඛතම ආයතනයක් වන වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය හෙවත් IHME ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම දත්ත පිළිබඳවයි.

මේවන විට දිනකට 100 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වීමේ තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් ඔක්තෝබර් මාසය වනවිට දිනකට මරණ 350ක් සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

මෙරට සමස්ත කොවිඩ් මරණ මේවන විට 5000 ඉක්මවා ඇති නමුත් IHME ආයතනය පුරෝකථනය කරන්නේ පවතින තත්ත්වය යටතේ තවත් මාස 4කින් එනම් දෙසැම්බර් මාසය වනවිට සමස්ත කොවිඩ් මරණ ගණන 12,600 ඉක්මවා යන බවයි.

තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් එම කාලය වනවිට සමස්ත මරණ 22,000 සීමාව ඉක්මවා යන බවටත් ඔවුන් අනතුරු අඟවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now