සජිත් හිටිහැටියේ සියල්ල නවත්වයි! හම්බන්තොට සිටම කොළඹට කෝල් එකක් දෙයි!

#Srilanka#news#sinhala-news#sajith-premadasa#leader-of-the-opposition#A-Dicition#new-Year-celebration#
By krishani Jan 01, 2022 11:25 PM GMT
krishani

krishani

Report

ජනවාරි පළමු සතියේ විපක්ෂනායක කාර්යාලයේ යොදාගෙන තිබූ සියලුම අලුත් අවුරුදු සාද අත්හිටුවීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත.

ඒ අනුව ජනවාරි 3 වන දින විපක්ෂ නායක කාර්යාලයේ කාර්යාල සේවකයන් සමග පැවැත්වීඹට නියමිතව තිබූ අලුත් අවුරුදු භෝජන සංග්‍රහය සහ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වීමට නියමිතව තිබූ භෝජන සංග්‍රහය අත්හිටුවීමට ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.

මේ දිනවල විපක්ෂනායකවරයා හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව සමග රැස්වීම් මාලාවක නිරත වෙමින් සිටින අතර එම ජනතාව මුහුණ දී සිටින උග්‍ර ආහාර හිගය හේතුවෙන් මෙම පියවර ගැනීමට විපක්ෂනායකවරයා තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.

මේ බව හම්බන්තොට සිටම සිය පෞද්ගලික ලේකම්වරයා වූ රවී ජයවර්ධන මහතා වෙත දැනුම් දීමටද ඒ මහතා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now