අලුතින් විවාහ වූ තරුණ ප්‍රජාවට රජයෙන් ලැබෙන වටිනා තෑග්ග මෙන්න.

Sri Lanka Gossips Newly married couple Spacial gift
By Aruna Dec 22, 2021 06:53 AM GMT
Aruna

Aruna

Report

අලුතින් විවාහ වූ අඩු ආදායම්ලාභී තරුණ ප්‍රජාව සඳහා ඉඩම් කට්ටි 2,000ක් බෙදා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විෂය පථයට අයත් ඉඩම්, අඩු ආදායම්ලාභී කාණ්ඩයේ අලුතින් විවාහ වූ තරුණ තරුණියන් අතර බෙදා දීමට කටයුතු කරන බවයි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී.රණවක මහතා පැවසුවේ.

රණවක මහතා පවසන පරිදි ලබන ජනවාරි මාසයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අදාළ අයදුම්පත් ලබා ගත හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now