මුහුදු ජලයෙන් ලංකාවේ කරන්න යන සුපිරිම වැඩක්..ලක්ෂ 03කට ප්‍රතිලාභ.
Sri Lanka
Jaffna
Water
Mahinda Rajapakshe
Seawater
By Aruna
මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ ව්‍යාපෘතිය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ, උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිර විසඳුමක් ලෙසයි.
මෙම ව්‍යාපෘතිය යටතේ යාපනය අර්ධද්වීපයේ පානීය ජල ගැටළුවලට සියයට 50 කට වඩා වැඩි ප්‍රමාණයකට විසදුම් ලැබෙන බවයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ.
මුල් අදියරේදී මෙමඟින් ප්‍රතිලාභ ලැබෙන පවුල් ගණන ලක්ෂ 03 ක්.
ඒ යටතේ නාගදීප මුහුදු ජල පවිත්‍රගාරය, තාලංගෙඩ්ඩි මුහුදු ජල පවිත්‍රාගාරය සහ යාපනය නගර බෙදාහැරීමේ පද්ධතිය ලෙස යෝජනා ක්‍රම 03 ක් ක්‍රියාත්මකයි.
යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහ රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |