අලුත් ඡන්ද හිමියන්ගේ නම් ප්‍රදර්ශනයට දින නියම කෙරේ. - ප්‍රදර්ශනය කෙරෙන ස්ථාන මෙන්න.

Election Commission of Sri Lanka Election
By Wayomi Apr 17, 2024 10:35 AM GMT
Wayomi

Wayomi

Report

මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අලුතින් එක් වන නම් ඇතුළත් ලැයිස්තුව ප්‍රදර්ශනයට කෙරෙන බව පවසනවා.

ඒ, අනුව මැයි 06 වැනිදා දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කාර්යාල ඇතුළු ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

එමෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල/මැතිවරණ කාර්යාල,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,පළාත් පාලන ආයතනවලද මෙම ලැයිස්තුව ප්‍රදර්ශනය කෙරේ.

මේ අතර පසුගිය වසරේ (2023) වලංගු නාමලේඛනයෙන් ඉවත්වන නම් ඇතුළත් ලැයිස්තුවද මෙම ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

කිසියම් පුද්ගලයකුගේ නම මේ වසරේ ලියාපදිංචියට නිර්දේශ වී නොමැතිනම් ඊට අදාළ හිමිකම් ඉල්ලීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කිරීමට හැකි බවත්,ඊට අදාළ ආකෘති මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරනවා.