සිරින්ජ සහ කටු යොදා නොගෙන භාවිතා කරන අලුත්ම එන්නතක් එයි..ගන්න විදිය මෙන්න.

Corona Indian New vaccine Syi kow di
By Aruna Sep 07, 2021 06:16 AM GMT
Aruna

Aruna

Report

සිරින්ජ සහ එන්නත් කටු යොදා ගනිමින් සිරුරට එන්නත් විදීමට මැලිකමක් දක්වන පුද්ගලයින්ට සුදුසු කොරෝනා එන්නතක් ඉන්දියාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

ලොව ප්‍රථම ඩී.එන්.ඒ. එන්නත වන එය, හඳුන්වා ඇත්තේ සයි-කොව්-ඩී ලෙසින්.

එන්නත් කටු භාවිතයකින් තොරව එය සම මත තෙරපීමෙන් සිරුරට අවශෝෂනය කර ගැනෙන බව සඳහන්.

රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදනයට එරෙහිව එය 67% ක රැකවරණයක් සලසන අතර, ඉන්දියාවේ ළමයින් සඳහාද භාවිතයට අනුමත කර තිබෙනවා.

අනෙකුත් කොරෝනා එන්නත්වලට සාපේක්ෂව එය අඩු ශක්‍යතාවක් වූවත් සයි-කොව්-ඩී එන්නත නිෂ්පාදනය කිරීම සහ ගබඩා කිරීම පහසු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now