සියලූම සරසවි සිසුන්ට වරප්‍රසාදයක් - අලුතින්ම ලැබෙන දේ මෙන්න
විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසු දරුවෙකුටම තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට හැකිවන පරිදි පාඨමාලා විෂය ක්ෂේත්‍ර සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මෙම තත්ත්වය පාසල් කරා ව්‍යාප්ත කිරීම ද සෑම දෙනාම පිළිගන්නා කාර්යයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මාලබේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (05) එක්වෙමිනි.
"තාක්ෂණ විද්‍යාව විෂය ඉතාම විශේෂයි. රටක කාර්මික දියුණුවේ පදනම වානේ කර්මාන්තයයි. අදියරෙන් අදියරට ගමන් කිරීමට අපේ රටේ මහපොළවේ තිබෙන යපස්වලට හැකි වුණා. වානේ සංස්ථාව අපේ විශ්වවිද්‍යාල සමග එකට එකතුව සැලැස්මකට ගමන් කළා නම් මේ වනවිට අපට මිල ගණන් ඉහළ වානේ ව්‍යාපෘති පිටරටින් ගේන්න වෙන්නෙ නෑ.
මම ඉතා ඕනෑකමින් කියනවා වානේ කර්මාන්තය පදනම් කරගත් රටවල් තමයි කාර්මික විප්ලවය ජයගෙන තියෙන්නේ. අද එය පසුකොට තාක්ෂණ විප්ලවයක් ඇතිවී තිබෙනවා. මේ තාක්ෂණ විප්ලවයේ අද රටේ පාසල්වලට ගෙනයාමේ සැලැස්මට මාලබේ විද්‍යාලයත් ඇතුළත්වීම සුවිශේෂ ජයග්‍රහණයක්."
“ සෑම සිසුවෙකුටම අනිවාර්යයෙන්ම තොරතුරු තාක්ෂණය හරහා ගමන් කිරීමට පුළුවන් පාඨමාලා විශ්වවිද්‍යාල විෂය ක්ෂේත්‍ර තුළ විවෘත කරනවා. මේ තුළින් කුමන විෂයකට අවතීර්ණ වුණත් සුවිශේෂම තොරතුරු තාක්ෂණය විෂය විශ්වවිද්‍යාලයේ නිපුණත්වය ඇතුව තමයි පිට වෙන්නේ," යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
