මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගත් හැටි.

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Ministry of Finance Sri Lanka
By Wayomi Sep 25, 2024 05:28 AM GMT
Wayomi

Wayomi

Report

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (25) සිය ධුරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී දායකවත්යක් දැක් වූ ඔහු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇති පුද්ගලයෙක්.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


අමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් (Vanderbilt University) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ඔහු ලබාගෙන ඇති අතර, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් ද ලබා තිබෙනවා.

ඔහු සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය වැඩසටහන්කරණය සහ ප්‍රතිපත්ති යනාදී ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර පුහුණුකරණ වැඩසටහන් ගණනාවකට සහභාගී වී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර සාකච්ඡාවක් ඊයේ (24) පවත්වා තිබෙනවා.

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)


එහිදී ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

රටවල් දෙකකින් වාහන වර්ගයක් ගෙන්වීම නවත්වයි. - ඒකට හේතුව මේ වගේ භයානක දෙයක් කියලා දන්නවද?

රටවල් දෙකකින් වාහන වර්ගයක් ගෙන්වීම නවත්වයි. - ඒකට හේතුව මේ වගේ භයානක දෙයක් කියලා දන්නවද?


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%