ගුවන්තොටුපොළේදී තත්පර 20න් කළ හැකි අලුත්ම වැඩේ..කඩදාසි අනවශ්‍යයි.

airport d.v.chanaka outlet
By Sewvandhi Oct 26, 2021 11:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 20 ක් තුළ ගුවන් තොටුපළෙන් පිටවීම සදහා කඩදාසි හෝ වෙනත් උපකරණ භාවිත කිරීමෙන් තොර, නව මාර්ගගත ක්‍රමවේදයක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. ඒ, සිවිල් ගුවන් සේවා සමාගම සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ලෝකය පුරා කොවිඩ් වසංගතය පැතිර යාමත් සමග ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට එයින් පිටවීමේ දී ශ්‍රී ලංකා රේගුව සහ ආගමන – විගමන කාර්යාල තුළ රාජකාරී කර ගැනීමට අමතරව සෞඛ්‍ය නිලධාරීන් හමුවේ සෞඛ්‍ය වාර්තා ප්‍රකාශ කිරීමට ද සිදු වී තිබුණා. මේ සදහා මෙම ගුවන් මගීන් තවත් අමතර විනාඩි 02 ක පමණ කාළයක් වැය කිරීමට සිදු වුණ අතර හදුන්වාදුන් නව මාර්ගගත ක්‍රමවේදය අනුව , එම කාලය තත්පර 20 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන ගුවන් මගීන්එම රටේ දී හෝ ගුවන් යානයේ දී හෝ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව  http://www.airport.lk වෙබ් අඩවියේ පහත සබැඳිය

https://www.airport.lk/health_declaration/indexපැමිණීමේ පරිශ්‍රය තුළ ස්ථානගත කර ඇති QR කේත සඳහන් පුවරු වෙත ගොස් තම තොරතුරු ඉදිරිපත් කළ හැකියි.

ඒ අනුව තම එන්නත් ලබා ගත් කාඩ්පත සහ ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් PCR පරීක්ෂණ වාර්තා මේ ක්‍රමය යටතේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතුයි. මෙමගින් ගුවන් මගීන්ට පෝලිම් තුළ රස්තියාදු වීමට කඩදාසි පෝරම පිරවීමට හෝ වෙනත් උපකරණ භාවිතා කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

මෙම නව ක්‍රමය මගීන් තත්පර 20 ක් වැනි කෙටි කාළයක් තුළ , කොවිඩ් වසංගතය පිළිබඳව අවදානම ද අවම කර ගනිමින්, ගුවන් මගීන්ට ගුවන් තොටුපළෙන් පිටතට යා හැකියි. එමෙන්ම ගුවන් තොටුපළෙන් පිටවීමේ දී හමුවන ආරක්ෂක නිලධාරීන්ට ද මෙම ක්‍රමවේදය ඔස්සේම මෙම කරුණු ඉදිරිපත් කර ගුවන් මගීන්ට කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටතට යා හැකි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery